ලාෆ් ගෑස් මිළ රුපියල් 363 කින් ඉහළට

0
Laugfs Gas Price - ලාෆ් ගෑස් මිළ රුපියල් 363 කින් ඉහළට
ලාෆ් ගෑස් මිළ ඉහල දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබෙනවා.

ඒ අනුව කිලෝ 12 යි දසම 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 363 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිළ රුපියල් 1856 ක්.

කිලෝ 05 සිලින්ඩරය රුපියල් 145 කින් වැඩි කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 743 ක් බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියාසිටියේ.