බීමතින් ආ පුතා අම්මාගේ හිස කඳෙන් වෙන් වෙන්නම කපලා

0
Murder in Eravur - බීමතින් ආ පුතා අම්මාගේ හිස කඳෙන් වෙන් වෙන්නම කපලා

එරාවුර් චෙන්කලඩි කුමාර්වේලි ප‍්‍රදේශයේ නිවසකට පෙරේදා (10 දා) සවස අධික බීමතින් කඩාවැදුණු පුද්ගලයකු සිය මවගේ හිස කඳෙන් වෙන්වනසේ කපා ඇය ඝාතනය කර ඇත.

සිය මව ඝාතනය කළ 40 හැවිරිදි චන්ද්‍රන් නමැත්තා එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ චෙන්කලඩි පදිංචිකාරියක වූ 65 හැවිරිදි වේලූපිල්ලේ කෙම්මනී නමැති කාන්තාවකි. සැකකරු දිනපතාම පාහේ අධික බීමතින් පැමිණ තම මව සමග ආරවුල් ඇතිකර ගන්නා බව පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවී ඇත.

සිද්ධිය වූ දින සවස ද මෙම සැකකාර පුත‍්‍රයා අධික ලෙස බීමතින් පැමිණ සිය මව සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ.

පසුව මොහු නිවසේ තිබූ මන්නා පිහියකින් මවගේ හිස කඳෙන් වෙන් වන ලෙස කපා ඇය ඝාතනය කර පළා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ එරාවුර් පොලිසිය සැකකරු සමග තම මව ඝාතනයට යොදාගත් මන්නා පිහිය ද අත්අඩංගුවට ගන්නා ලදී.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)