රට වැසීමට දින 5ක් ප්‍රමාද වුවහොත් අවම මරණ 700ක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

0
Covid Deaths Increase - රට වැසීමට දින 5ක් ප්‍රමාද වුවහොත් අවම මරණ 700ක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවට වහා ඇඳිරිනීතිය පැනවුවහොත් ඉදිරි දින 20 තුළ සිදුවිය හැකි අතිරේක මරණ 1200ක් වළක්වා ගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමෙහි පණිවුඩයක් නිකුත් කරමින් මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය සම්බන්ධ වෙබ් අඩවියක සඳහන් වූ අනාවැකි ආකෘතිය අනුව මේ බව පැහැදිලිව පෙන්නුම් කරන බවයි.

තවද රට වසා දැමීමට දින 5ක් ප්‍රමාද වුවහොත් එය අවම වශයෙන් පුද්ගලයන් 700 දෙනකුගේ මරණවලට හේතු විය හැකි බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ අතර පසුගිය දා ඔහු සිය ට්විටර් ගිණුමෙහි තවත් පණිවුඩයක් තබමින් පවසා සිටියේ ඩෙල්ටා ප්‍රභේදය සමඟ සටන් කිරීමේ නිර්භීත අභියෝගය රජය භාරගත් අතර මෙම අභියෝගයේ කොටසක් ලෙස දිනකට 150 -200 ධාරිතාවකින් යුත් සමූහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බවයි.