වහා ඇඳිරි නීතිය පැනවීමෙන් ජිවිත 1200ක් බේරා ගත හැකියි

0
Suneth Agampodi Twitter Statement - වහා ඇඳිරි නීතිය පැනවීමෙන් ජිවිත 1200ක් බේරා ගත හැකියි

වහා රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර මරණ 1,200 ක් වත් වලක්වා ගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසනවා.

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කළ හැකි දත්ත ඒ බව පෙන්නුම් කරන බවත් මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

“තීරණ ගැනීමේදී දින 5ක ප්‍රමාදයක් අවම වශයෙන් මිනිස් ජිවිත 700 දෙනෙකුවත් නොසිතා මියයෑමට ලක් වීමක් වනු ඇති” බව ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යා හැකි බවයි මහාචාර්යවරයා විසින් ඊයේ නිකුත් කර ඇති ට්විටර් නිවේදනයේ සඳහන් වන්නේ.

Suneth Agampodi Twitter Statement