දස හැවිරිදි මිනිබිරිය අපයෝජනය කළ සීයා වීඩියෝ කර කොල්ලන්ට බෙදලා

0
Child Abuse - දස හැවිරිදි මිනිබිරිය අපයෝජනය කළ සීයා වීඩියෝ කර කොල්ලන්ට බෙදලා

පහ වසරේ ඉගෙනුම වයස අවුරුදු දහයක දැරියක මොරටු අධිකරණ භූමිය පිටුපස වත්තක පිහිටි පැල්පත් නිවාසයකදී ඇගේ මවගේ පියා (සීයා) අතින් අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් වෙනත් සිදුවීමක් ගැන පරීක්ෂණ කරද්දී හසුවූ බව මොරටුව පොලීසිය පවසයි.

මෙම දැරිය සීයා විසින් දින ගණනාවකට පෙර අපයෝජනය කරනු ලැබ ඇතත් ඇය ඒ ගැන කිසිවෙකුට පවසා නැති අතර එම අපයෝජන අවස්ථාවේ 62 හැවිරිදි වියේ පසුවූ සීයා ඒවා වීඩියෝ කර ඔහු දන්නා තරුණයන් දෙදෙනෙකුටද ලබාදී ඇති බව පැවසේ.

අනතුරුව එම තරුණයින් මෙම දැරිය සොයා විත් ඔවුන්ටද ඒ ආකාරයට හැසිරීමට අවශය බව කියමින් වරදට පොළඹවා ගැනීමට උත්සාහ කර තිබේ.

නාදුනන තරුණයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ අසභ්‍ය වීඩියෝ පෙන්වමින් දැරිය අපයෝජනයට ලක් කිරීමට තැත් කරන බවට දැරියගේ මව පොලිසියට පැමිණිලි කිරීම නිසා පොලිසිය පැමිණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර දැරියගෙන් කට උත්තර ලබාගෙන ඇත.

මෙම අවස්ථාවේ දැරියගෙන් තරුණයින් පෙන්නුවේ කවර වීඩියෝවක්දැයි අසද්දී ඇයට ‘සීයා සමග වීඩියෝව‘ යයි වැරදී කියැවී ඇත. ඉන් අනතුරුව සීයාගේ අපයෝජන සිද්ධිය පොලිස් කාන්තාවක කළ ප්‍රශ්න කිරීමේදී ඇය සවිස්තරව පවසා ඇත.

සිය මිනිබිරිය අපහරණයට ලක් කළ බවට සැකකරන ඇගේ සීයා පෙරේදා (09දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පහවසරේ ඉගෙනුම වයස අවුරුදු දහයක දැරියක මොරටු අධිකරණ භූමිය පිටුපස වත්තක පිහිටි පැල්පත් නිවාසයකදී සැකකරු විසින් අපහරණයට ලක් කිරීමෙන් පසු හොරණ ප්‍රදේශයට පැනගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයන් දෙදෙනා තවම සොයාගෙන නැතිමුත් සීයාගේ කටඋත්තර අනුව ඔවුන් සොයා ගැනීමට හෝඩුවාවන් ලැබී ඇතැයි වාර්තාවේ.