අද උදෑසන සිට හුදකලා කෙරෙන ප්‍රදේශ

0
Isolated areas in sri lanka - හුදකලා කෙරෙන ප්‍රදේශ

හුදකලා කෙරෙන ප්‍රදේශ වල වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා. ඒ අනුව, අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/