ලොක්ඩවුන් කරන කල් ඉන්න එපා.. තම තමන් ආරක්ෂා වෙන්න…

0
Sudarshani Fernandopulle - ලොක්ඩවුන් කරන කල් ඉන්න එපා.. තම තමන් ආරක්ෂා වෙන්න...

අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් එළියට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ වනවිට මෙරට රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොවිඩ් මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය වැලඳී ම වළක්වා ගැනීම බවත් ඇති අවදානම හේතුවෙන් නිවසටම වී සිටින ලෙසයි ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

මෙහිදී වැඩි වැඩිදුරටත් අදහස් දැක්වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය,

“මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. නමුත් අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය සාද ටික නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්.”