ලාෆ් ගෑස් වෙනුවට ලිට්‍රෝ ගෑස්.. කහ සිල්න්ඩරය අරන් නිල් එකක් දෙයි…

0
Gas - ලාෆ් ගෑස් වෙනුවට ලිට්‍රෝ ගෑස්.. කහ සිල්න්ඩරය අරන් නිල් එකක් දෙයි...
ගෑස් ආනයනය කිරීම නවතා දමා ඇති ලාෆ් ගෑස් සමාගමේ කහපාට සිලින්ඩරය ඇති ජනතාවට එම සිලින්ඩර ලිට්‍රෝ ගෑස් සමාගමේ නිල් පැහැති සිලින්ඩර සමඟ මාරු කිරීමට එම සමාගමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

ගෑස් සිලින්ඩරයේ අයිතිය පාරිභෝගිකයා සතු නිසා හුවමාරු කිරීමේ දී නීතිමය ගැටලුවක් පැන නොනගින බවද එහිදී සාකච්ඡා වී ඇත.

නමුත් ලාෆ් ගෑස් සිලින්ඩරය ලිට්‍රෝ ගෑස් ටයිප් පිරවිය නොහැකි නීතිමය තත්වයක් ඇතැයි තර්කයක් එහිදී මතු වී ඇති අතර ලාෆ් ගෑස් නැවත මෙරටට ගෙන්වූ පසු එම සිලින්ඩරවලට අදාල ගෙවීම් සිදුකර ලාෆ් සමාගමට ඒවා ආපසු ලබා ගත හැකි වනු ඇති බවද සාකච්චා වි ඇත.

මේ වන විට මෙරට වෙළඳ පොළේ ලාෆ් ගෑස් මිලට ගැනීමට නැති අතර ද බොහෝ ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස්ද හිගතාවයක් ඇතිවී තිබේ.

ලාෆ් සමාගමේ පාරිභෝගිකයන් ලක්ෂ 20 ඉක්වමූ ප්‍රමාණයක් මෙරට සිටින අතර ඔවුන්ද ඒ අනුව ලිට්‍රෝ ගෑස් පෝලිමට එක්වනු ඇත.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)