කිරිපිටි ගැන කැබිනට්ටුව ගත් තීරණය මෙන්න

0
Milk Powder - කිරිපිටි ගැන කැබිනට්ටුව ගත් තීරණය මෙන්න
ආනයනික කිරිපිටි සඳහා අය කෙරෙන බදු අඩු කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව අද පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

දේශීය කිරි නිෂ්පාදනයට හානියක් නොවන අන්දමින් මෙම බදු අඩු කිරිම කළ යුතුව ඇතැයි ද කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යංශයට උපදෙස් දී ඇති බව එම වාර්තා වේ සඳහන් වනවා.

කිරිපිටි සමාගම් කිරි පිටි ආනයනය සීමා කිරීම නිසා වෙළඳපොළේ කිරිපිටි හිඟයක් මතුව තිබෙන අතර ,එය සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම උපදෙස් දී ඇතැයි පැවසෙනවා.