අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 2,900 ඉක්මවයි

0
Covid New Cases Today - අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 2,900 ඉක්මවයි
අද (09) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 1,025ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 2,953 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 332,947 ක්.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2,161 දෙනකු සුවය ලබා අද (9) රෝහල්වලින් පිටවගොස් ඇත.

Today Recoveries

මේ අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 295,518කි.

තවත් කොවිඩ් මරණ 111ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.