තවත් කොවිඩ් මරණ 111ක්.. සමස්ථ මරණ 5222 දක්වා ඉහළට…

1
Covid Deaths Yesterday in Sri Lanka - තවත් කොවිඩ් මරණ 111ක්.. සමස්ථ මරණ 5222 දක්වා ඉහළට...
තවත් කොවිඩ් මරණ 111ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (08) දින තහවුරු කර ඇති එම මරණ 111ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,928 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,31,922ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2,161 දෙනකු සුවය ලබා අද (9) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,95,518කි.