සෙල්ෆි ගැසීමට ගිය අවස්ථාවේ පාළමෙන් ඇද වැටී තරුණයෙක් මරුට

0
Dead when Getting Selfie - සෙල්ෆි ගැසීමට ගිය අවස්ථාවේ පාළමෙන් ඇද වැටී තරුණයෙක් මරුට

යාපනය පන්නෙයි පාළමේ බැම්මෙන් ඇඳ වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ එලෙස පාළමෙන් වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පාළමෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ තරුණයා සොයා නාවික නිළධාරීන්,පොලිස් නිළධාරීන් හා ප්‍රදේශවාසීන් පැය ගණනාවක් සෝදිසි මෙහෙයුම් සිදුකළ බව පොලිසිය පැවසුවා.

ප්‍රදේශවාසින් පැවසූ පරිදි අදාළ තරුණයා පාළමේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇති ගල් බැම්ම මත සිට සෙල්ෆි ජායාරූප ගැනීමට ගිය අවස්ථාවේදියි ඔහු පය ලිස්සා ජලයට වැටී ඇත්තේ.

තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.