ඉදිරි දින 14න් පසුව හෝ ආසාදිතයින් අඩුකර ගැනීමට නම් වහා සංචරණ සීමා පැනවිය යුතුයි

0
Upul Roha Statement of Current Covid Sitiation - ඉදිරි දින 14න් පසුව හෝ ආසාදිතයින් අඩුකර ගැනීමට නම් වහා සංචරණ සීමා පැනවිය යුතුයි
පවතින තත්ත්වය අනුව දිනෙන් දින ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම නිසා සෞඛ්‍ය පද්ධතියට හා නිවාරණ සේවාවට දරාගැනීමට නොහැකි තැනට තල්ලුව ඇති බවත් වැඩිවන රෝගීන් ප්‍රමාණය අඩු කරගත නොහැකි නම් ඉදිරියේදී රොහල් පහසුකම් නොමැතිව කොවිඩ් රෝගීන් නිවෙස් තුළම මිය යන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දිනෙන් දින වර්ධනය වන කෝවිඩ් මරණ සහ ආසාදිතයින් යම්කිසි මට්ටමකට හෝ පාලනය කර ගැනීමටනම් හැකි ඉක්මණින් නැවත වතාවක් දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

මේ මොහොතේ සංචරණ සීමා පැනවුවද වසංගත අවදානම පාලනය කර ගැනීමට හැකිවේද යන්න සම්බන්ධයෙන් පවතින්නේ ගැටලූ සහගත තත්ත්වයක් බවත් ඉදිරි දින 14න් පසුව හෝ ආසාදිතයින් වාර්තාවීම අඩුකර ගැනීම සඳහා කල් නොයවා වහා සංචරණ සීමා පැනවිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.