මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක් ළමුන්

0
Children - මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක් ළමුන්
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් කුඩා ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසයි.

ඉන් ළමුන් 14 දෙනෙක් මියගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ළමුන් අතර, ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදනය වෙමින් යන බවත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කළ වාට්ටු පිරී ගොස් ඇතැයි ද වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කළේය.

“අපි රාජගිරියේ වෙනත් තැනක තවත් වාට්ටු දෙකක් විවෘත කරන්නට මේ වන විට කටයුතු කරලා තියෙනවා. අද උදේ වන විට ළමුන් 150ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඉන් පාලනය වන අනෙකුත් වාට්ටු දෙකේ ප්‍රතිකාර ලබනවා. එපමණක් නෙවෙයි. පසුගිය සතිය පුරා සියලු රෝහල්වල ළමා වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් පිරිලා ගියා. සංඛ්‍යා ලේඛන ගත්තොත් මේ වන විට කොරෝනා ආසාදිත ළමුන් 45,000ක් ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. එයින් 20,000ක් පමණ වයස අවුරුදු 10ට අඩු ළමුන්. එයින් 14ක් මියගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පමණක් පසුගිය වසර පුරා කොරෝනා සම්බන්ධ රෝගවලින් මියගියා.”

සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොවිඩ් ආසාදිත ළමුන් රෝහල්ගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පෙන්වාදෙයි.

“හැම දරුවෙකුම රෝහලකට ඇතුළත් වෙලා ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ, හැකියාවක් තියෙනවා නම් හෙම්බිරිසාව, ළා උණ තියෙන දරුවෝ රෝහල් වෙත ගේන්නේ නැතුව ගෙදර දී බලාගන්න ඒක වඩාත්ම වැදගත් වෙනවා. නමුත් කුමන වෙලාවේ දිද දරුවා ව රෝහලක් කරා රැගෙන ආ යුත්තේ. තද උණ තියෙනවා නම් දරුවා කන්නේ බොන්නේ නැත්නම් වමනය, පාචනය සිදුවෙලා දරුවාට අමාරුයි කියලා හිතෙන ඕනෑම වෙලාවක රැගෙන ආ හැකියි.”