පෙම්වතියත් දියණියත් ඝාතනය කළ නරුමයා අල්ලයි

0
Arrested - පෙම්වතියත් දියණියත් ඝාතනය කළ නරුමයා අල්ලයි

වව්නියාව මරදන්කුලම් මුරුගන්ඌර් ප්‍රදේශයේදී නිවසක් තුළ දී මාස 06 ක් වයසැති දියණිය සහ පෙම්වතියගේ ගෙල මිරිකා ඝාතනය කොට නිවසේම පුලුස්සා දැමූ පුදගලයකු වසර 06 කට පසුව අද අත්අත්අඩංගුව ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

2015 වසරේ අගොස්තු මස සිට අතුරුදහන් වු කාන්තාව හා බිළිඳා පිළිබඳව ඥාතීන් කිලිනෝච්චියේ පිහිටි මානවහිමිකම් කාර්යාලයට දැනුම් දිමෙන් පසුව ඒ පිළිබඳව වව්නියාව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අදාල අතුරුදහන් වීම පිළිබඳව වසර තුනක පමණ කාලයක් පූර්ණ පරික්ෂණයකින් අනතුරුව ඝාතකයා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම සිද්ධිය සම්බන්ධ සියලු තොරතුරු අණාවරය කරගෙන ඇත.

28 හැවිරිදි සැකකරු ඝාතනයෙන් පසු අවස්ථා දෙකකදී විදෙස්ගතව සිට නැවත වව්නියාවට පැමිණ ඇති අතර අතුරුදහන් වූ කාන්තාව සහ බිළිඳා සම්බන්ධයෙන් පොලීසිය අවස්ථා කිහිපයදී සැකකරුගෙන් විමසීමේදී බොරු පවසා ඇතත් පොලිස් නිලධාරීන් දුරකතන දත්ත සොයා අතුරුදහන් වූ කාන්තාවගේ ජංගම දුරකතනයද සැකකරු විසින් විකුණා ඇති බවට අනාවරනය කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පාපොච්චාරනය කොට ඇත.

ඒ අනුව සැකකරු විසින් යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ කොන්ත්‍රාත් කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී අසල්වැසි තරුණියක් සමග ඇති වූ ප්‍රේම සම්බන්ධතයක් දුරදිග යාමෙන් තරුණිය ගැබ්ගෙන ඇත.

අනතුරුව තරුණියට බිළිඳා ලැබී මාස 06 කට පසුව සැකකාර තරුණයා තරුණිය විවාහ කරගන්නා බවට ඇයගේ ඥාතීන්ට පවසා ඇයත් දරුවාත් රැගෙන වව්නියාවේ මුරුගන්ඌර්හි පිහිටි සිය නිවසට 2015 අගෝස්තු 09 වනදා රැගෙනවිත් ඇති අතර එදින රාත්‍රියේ තරුණියත් සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව තරුණියගේ සහ බිළිඳාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමන් අනතුරුව සිරුරු නිවස තුලම පොල්අතු , භූමිතෙල් සහ සීනි යොදා පුලුස්සා දමා අවශේෂ ගෙවත්තේ වලදැමූ බවට පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

මිලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 20 ක් වයසැති යාපනය කොණ්ඩාවිල්හි පදිංචි පරමේෂ්වරන් සජින්තිකා සහ සයමස් වැයසැති බිළිඳා වෙයි.