ඉදිරි මාසය ඉතාම තීරණාත්මකයි.. ඔබේ එන්නත ඉක්මනින් ලබාගන්න…

0
General Shavendra Silva Statement - ඉදිරි මාසය ඉතාම තීරණාත්මකයි.. ඔබේ එන්නත ඉක්මනින් ලබාගන්න...

ඉදිරි මාසයක කාලය අතිශයින්ම තීරණාත්මක නිසාවෙන් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන් දැඩි දෙන අනුගමනය කරන්නැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගේන් ඉල්ලා සිටියේය.

එසේම කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත්කිසිදු මාත්‍රාවක් ලබානොගත් අයවළුන් සිටීනම් හැකි ඉක්මනින් එන්නත ලබාගන්නා ලෙසත් යුද හමුදාපතිතුමන් ප්‍රකාශ කලේය.

එහිදී යුද හමුදාපතිතුමන් මෙසේද ප්‍රකාශ කළේය.

“තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම මේවන විට බොහෝ රටවල් ආරම්භ කරලා තියෙනවා. ලංකාවේත් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායේදී සාකච්ඡා කළා.

එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා අවශ්‍යතාවය පරිදි සියලුම ජනතාවට තුන්වෙනි මාත්‍රාව සඳහා එන්නත් ඇනවුම් කරන්න කියලා. දැනටමත් අපි රටේ ජනතාවගෙන් 93%ක ප්‍රමාණයකට පළමු මාත්‍රාව ලබදී අවසන්. ඒ වගේම 23% ක ප්‍රමාණයකට පළමු සහ දෙවැනි මාත්‍රාවන් ලබා දී අවසන්.

ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව අපි බස්නාහිර පලාතේන් ආරම්භ කරලා මේවන විට දිවයින පුරා එන්නත්කරණය ලබාදීම සිදුකරමින් ඉන්නවා. දැනට කොවිඩ් වෛරසය නිසා මිය යන පිරිසගෙන් බහුතරය වයස අවුරුදු 60ට වැඩ කිසිදු එන්නතක් ලබානොගත් අය. ඒ අනුව අපි වයස අවුරුදු 60ට වැඩි පිරිස් වෙනුවෙන් එන්නත් කිරීම යළිත් සිදුකළා.

ඒ අනුව මේවන විට යුද්ධ හමුදාව විසින් කොළඹ විහාරමහාදේවී එළිමහන් ර්ංගපීඨයේදී ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව, සයිනොෆාර්ම් පළමු සහ දෙවැනි මාත්‍රාවන් ලබාදීම සිදුකරනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ල සිටිනවා හැකි ඉක්මනින් එන්නතරණ මධ්‍යස්ථානයකට ගොස් තමන්ට අදාළ එන්නත ලබා ගන්න කියලා.

විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබා නොගත් පිරිස් ඉන්නවා නම් ඔවුන්ට හැකි ඉක්මනින් එන්නත් ලබාගන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද අද (08) උදෑසනත් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් අපිට ලැබුනා. ඒ වාගේම ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවන් ලක්ෂ 07 ක් ඊයේ (07) ලැබුණා.

අපි මේවන විට සෞඛ්‍ය නිර්දේශ ලබා දීම සිදුකරලා තියෙනවා. ඒ සෞඛ්‍ය නිර්දේශ අනිවාර්යෙන්ම පිළිපදින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඉදිරි අපිට මාසය ඉතාම තීරණාත්මකයි.” යැයියුද්ධ යුද හමුදාපතිතුමන් ප්‍රකාශ කළේය.

(ada.lk වෙබ් අඩවිය ඇසුරිනි)