සමීපතමයෙකු කොරෝනා ආසාදිතයෙක් වුවහොත් ආශ්‍රිතයින්ට විශේෂ දැනුම් දීමක්

0
Covid Patients Relations - සමීපතමයෙකු කොරෝනා ආසාදිතයෙක් වුවහොත් ආශ්‍රිතයින්ට විශේෂ දැනුම් දීමක්

සමීපතමයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 03 ත් – 05 ත් අතර කාලය තුළ දී කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශය දන්වා සිටිනවා.

එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දැනුම් දෙන්නේ අමෙරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට එය ඇතුළත් කර ඇති බවයි.

මීට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ලෙස දක්වා තිබුණේ දින 05 ත්, 07 ත් අතර කාලයක් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා නිකුත් කර ඇති ට්විටර් සටහනක සඳහන්.

රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක්ද රෝග ලක්ෂණ නොපෙන්වයි නම් පී සී ආර් පරීක්ෂණයක්ද සිදුකර ගැනීම වඩාත් සුදුසු බව චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.