ඉදිරි දින කිහිපයත් මේ විදිහටම කටයුතු කළොත් ඉතිරිව ඇත්තේ සමූහ ආදාහනාගාර ඉදිකිරීම පමණක් බව සෞඛ්‍ය බලධාරියෙක් හෙලි කරයි

0
Current Covid Situation in Sri Lanka - ඉදිරි දින කිහිපයත් මේ විදිහටම කටයුතු කළොත් ඉතිරිව ඇත්තේ සමූහ ආදාහනාගාර ඉදිකිරීම පමණක් බව සෞඛ්‍ය බලධාරියෙක් හෙලි කරයි

අද වන විට කොරෝනා වෛරසය පාලනය මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාලනයෙන් ගිලිහී ගොස් අවසන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඉදිරි දින කිහිපයත් මේ විදිහටම කටයුතු කළොත් ඉතිරි වී ඇති එකම කාර්යය සමූහ ආදාහනාගාර ඉදිකිරීම පමණක් බවයි.

මේ වන විට කොරෝනා මෘත දේහ ආදාහනය කිරීම පවා විශාල ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා පෙන්වාදෙයි.

පවතින තත්ත්වය යටතේ වහාම රට වසා දැමිය යුතු බව ඔහුගේ අදහසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)