අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 2,700 ඉක්මවයි

0
Covid New Cases Today - අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 2,700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 976 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,796කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,487ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 290,794ක් විය.

ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.