මෙරට කොවිඩ් ආසාදිත මරණ 5000 ඉක්මවයි

1
Covid Deaths Yesterday - මෙරට කොවිඩ් ආසාදිත මරණ 5000 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අද තවත් මරණ 98ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කිරීමත් සමගයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) මෙම මරණ තහවුරු කර ඇති අතර ඊට පිරිමි පුද්ගලයන් 47ක් සහ කාන්තාවන් 51ක් අයත්.

මේ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5017ක් ලෙසටයි.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 20ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා. ඒ පිරිමි පුද්ගලයන් 12ක් සහ කාන්තාවන් 8ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 78ක් මෙම පිරිසට අයත්. ඒ පිරිමි පුද්ගලයන් 35ක් සහ කාන්තාවන් 43ක් වශයෙන්.