සමාගම් කිරිපිටි ආනයනය නවතා දමයි

0
Milk Powder - සමාගම් කිරිපිටි ආනයනය නවතා දමයි
මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ ජාලයක් කිරිපිටි අලෙවි සඳහා සීමා පනවා තිබේ.

ආනයනික කිරිපිටි මෙන්ම දේශීය කිරිපිටි වර්ග සඳහා ද මෙම සීමා ක්‍රියාත්මක කර ඇත.

කිරිපිටි ආනයනය සීමා වීම මත මෙම පියවර ගෙන තිබේ.

සාමාන්‍ය වෙලදපල තුලද කිරිපිටි උග‍්‍ර හිගයක් ඇතිව තිබෙන අතර වෙලදුන් සදහන් කරන්නේ තමනට සතියක පමණ කාලයක සිටි සැපයුම් නැති බවයි.

මේ අතර කිරි පිටි ආනයන සමාගම් සඳහන් කරන්නේ තමන් කිරිපිටි ආනයනය ඇණවුම් කිරීම අත්හිටුවා ඇති බවයි.

කිරිපිටි සඳහා මිල වැඩිවීමක් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා අවසර නොදීම නිසා තම පාඩුව නතර කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගත් බවද එම සමාගම් කියා සිටියි.

තවදුරටත් තම සමාගම් සතුව ඇත්තේ මෙම මාසයට ප්‍රමාණවත් කිරිපිටි තොග පමණක් බවත් දැනටමත් බෙදාහැරීම් අඩාල වී ඇති බවත් ඔවුන් පවසයි.