කොවිඩ් එන්නත නොපමාව ගන්නැයි රජය දන්වයි

0
Covid Vaccine - කොවිඩ් එන්නත නොපමාව ගන්නැයි රජය දන්වයි
වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට නොපමාව කොවිඩ් මර්දන එන්නත ලබාගන්නැයි රජය දැනුම්දීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සෑම පුද්ගලයෙක් ම රෝගයට ගොඳුරුවීමේ අවදානමකට මුහුණ පා සිටින බවය.

මේ අතර ආසාදිතයින්ගෙන් සියයට 1.5ක් පමණ මරණයට පත්වෙන බව ද එම නිවේදනයේ සඳහන්ය.

වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති අතර වසංගතයට ගොදුරු නොවී සිටීමට නම් පිළිපැඳිය යුතු උපදෙස් කිහිපයක් ද සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර තිබේ.

*සියල්ලම පළමුව හැකි ඉක්මනින් කොවිඩ් එන්න ගන්න. ලොව පුරා වැඩිම පිරිසක් දිවි බේරාගෙන ඇත්තේ කොවිඩ් එන්නත ගැනීමෙනි.

*අත්‍යවශ්‍යම කාර්යයකට මිස නිවසින් පිටතට නොයන්න.

*සෙනඟ ගැවසෙන මංගල, අවමංගල්‍ය හා වෙනත් උත්සවවලට සහභාගීවීම සම්පුර්ණයෙන් නතර කරන්න.

*පොදු ස්ථානයකට යනවිට අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පලඳින්න.

*කාමර, ශාලා, විදුලිසෝපාන, වාහන වැනි ආවරණය කළ ස්ථානවල සෙනඟ සමඟ ගැවසෙන්න එපා.

*විටින් විට සබන් යොදා දෑත් සෝදන්න.

*අන්‍යයන් සමඟ මීටර දෙකකට වඩා දුරින් සිටින්න.

*නිදන්ගත රෝග ඇත්නම් රැකියාවට මිස නිකරුණේ නිවසින් පිටතට යන්න එපා.

*ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ ජීවිත රැකගැනීම අනන්‍යයන්ට භාර නොදී ඔබේ වගකීම ඉටුකොට ඔබත් පවුලත් ආරක්ෂා වෙන්න.