ගල්ගමුව නිවසකින් මළසිරුරු 03ක් හමුවෙයි

0
Death Bodies in Galgamuwa - ගල්ගමුව නිවසකින් මළසිරුරු 03ක් හමුවෙයි
ගල්ගමුව පොලිස් වසමේ මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබූ මළ සිරුරු 3තුනක් සොයා ගැනීමට ගල්ගමුව පොලිසිය අද උදෑසන සමත්වුණා.

අද උදෑසන මෙම නිවස පරීක්ෂාවට ලක් කෙරුණේ ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මතයි.

සොයාගත් සිරුරු තුන අතරේ වයස අවුරුදු විසි අටක් පමන වන පිරිමි සහ කාන්තා මලළ සිරුරු දෙකක් සහ වයස අවුරුදු දහයක් පමණ වන පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ද ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී වී ඇත්තේ ඊයේ රාත්‍රියේ ඇති වූ යම් බහින්බස්වීමකින් පසු අදාල පිරිමි පුද්ගලයා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවටයි.

පොලිසිය පැවසුවේ මියගිය කාන්තාව සමග මෙම පිරිමි පුද්ගලයා අනියම් සබඳතාවක් පවත්වා ඇති බවයි.

අදාළ පුද්ගලයාද එම ප්‍රදේශයේම පදිංචි අයෙකු වනවා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන්යෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද සිදු කිරීමට නියමිත අතර ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.