අද කොරෝනා ආසාදිතයන් ගණන 2700 ඉක්මවයි

0
Covid New Cases Today - අද කොරෝනා ආසාදිතයන් ගණන 2700 ඉක්මවයි
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 884 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ හදුනාගත් සමස්ථ ආසාදිතයන් ගණන 2794 කි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 324,223ක් බවට පත්වනවා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 31,095ක්.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,942 දෙනෙකු අද (06) දිනයේ පිටවගොස් තිබේ.

Today Recoveries

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 288,307ක් දක්වා ඉහළගොස් ඇති බවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 98ක් ඊයේ (05) දිනයේ තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.