කොවිඩ් සීඝ්‍රයෙන් පැතිරීම නිසා රජය ගත් තීන්දු මෙන්න

0
Health Guide Series - කොවිඩ් සීඝ්‍රයෙන් පැතිරීම නිසා රජය ගත් තීන්දු මෙන්න

පවතින කොවිඩ් තත්ත්වය සලකා මංගල උත්සව සඳහා සහභාගීකරවාගත හැකි පිරිස තවදුරටත් සීමා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව 500කට වැඩි ආරාධිතයින් ගණනකට රැස්විය හැකි උත්සව ශාලාවල පමණක් 150ක් දක්වා ආරාධිතයින් සංඛ්‍යාවක් රැස්කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

උත්සව ශාලාවේ රැස්කළ හැකි පිරිස 500කට වඩා අඩුනම් සහභාගීවිය හැක්කේ උපරිම සිය දෙනෙකුට පමණයි‍.

මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක්වරකට සහභාගී විය හැක්කේ 25කට වඩා අඩු පිරිසකට පමණක් බවද ඔහු සඳහන් කළා.

මීට අමතරව සියළුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමීමට අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

දැනට පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම ද යළි සීමා කර ඇති අතර ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි කැඳවීමටයි අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වී ඇත්තේ.