ප්‍රථම ආදිවාසී කොවිඩ් මරණය වාර්තා වෙයි

0
ප්‍රථම ආදිවාසී කොවිඩ් මරණය වාර්තා වෙයි

දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මෙසේ ‍ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වය​ස 65​ක පුද්ගලයෙකි.

මේ පුද්ගලයා ආදිවාසී රැහේ අයෙක් බවත් ඔහු කලක සිට විවිධ රෝගවලට ගොදුරුව සිටි අයෙක් බව ආදි වාසී නායකවරයා පවසයි.

මෙය මෙරට කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවූ ප්‍රථම ආදිවාසී මරණය බවද වන්නිල ඇත්තෝ සඳහන් කරයි.

අවසන් කටයුතු බණ්ඩාරවෙල ආදාහනාගාරයේදී (06) අද සිදුකිරීමට නියමිතයි.