අවුරුදු 1 1/2ක් වයසැති දරුවෙකු මාළු ටැංකියට වැටී මිය යයි

0
අවුරුදු 1 1/2ක් වයසැති දරුවෙකු මාළු ටැංකියට වැටී මිය යයි

නිවෙස ඉදිරිපිට මිදුලේ තම දරුවාට බත් කවමින් සිටි මව පිඟාන සේදීමට මුළුතැන්ගෙට ගිය අවස්ථාවේ බිම තිබුණු මාළු ටැංකියට වැටී එම දරුවා වැටී මියගිය සිදුවීමක් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්‌තේ වාරියපොළ පාදෙණිය ප්‍රදේශයේ අවුරුදු 1 1/2ක් වයසැති දරුවෙකුයි.

පසුගිය 04 වැනිදා සවස 4.30ට පමණ මව දරුවාට මිදුලේ ඇවිදිමින් බත් කවමින් සිට ඇති බවත් බත් කවා අවසන් වූ පසු දරුවා නිවෙස ඉදිරිපිට සිටියදී පිඟාන සේදීමට මව මුළුතැන්ගෙට ගොස් ඇති බවත් මරණය සම්බන්ධව පොලිසිය කළ මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

පසුව පිඟාන සෝදා ආපසු පැමිණ බලද්දී දරුවා පෙනෙන්න නැති බැවින්, මව අසල්වාසීන්ට කතා කර සොයා බැලීමේදී නිවෙස ඉදිරිපිට බිම තිබුණු මාළු ටැංකියට වැටී සිටින බව දැක තිබෙනවා.

ඉන්පසුව දරුවා වාරියපොළ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවයි වාර්තා වන්න‍ේ.