ඔබ ඇපල් අයි ෆෝන භාවිතා කරනව ද

0
ඇපල්

ජංගම දුරකථනවල “බාලවයස්කරුවන්ට සිදුවන ලිංගික අපචාර” සම්බන්ධ තොරතුරු ඇත්නම් ඒ ගැන හඳුනාගැනීමේ නව ක්‍රමවේදයක් ඇපල් ජංගම දුරකථන සඳහා හඳුන්වා දී තිබේ.

ඒ අනුව අමෙරිකාවේ “ඇපල් අයි ෆෝන්” භාවිතාකරන්නන් සඳහා එය මුලින්ම හඳුන්වා දීමට එම සමාගම කටයුතු කරමින් සිටී.

අයි ෆෝනයක “iCloud Photos” හි අදාළ ඡායාරූපය ගබඩා කිරීමට ප්‍රථම, නව ක්‍රමවේදය මගින් එම ඡායාරූපය “ළමා ලිංගික අපයෝජනය” හා සම්බන්ධ දැයි සොයාබැලෙයි.

එවැනි අවස්ථාවක අදාළ ඡායාරූපය ගැන සැකයක් ඇතිවුවහොත් එම ජායාරූපය පිළිබඳව සමාලෝචනය කර එය “ළමා ලිංගික අපයෝජනය” හා සම්බන්ධ නම් එම ජංගම දුරකථනය හිමි පුද්ගලයා ගැන නීති අංශ දැනුවත් කිරීමට ඇපල් සමාගම කටයුතු කිරීමට නියමිතය.

නමුත් පුද්ගලයින්ගේ ජංගම දුරකථනවල ගබඩාකර ඇති වෙනත් රහස්‍ය තොරතුරුද එමගින් ලබාගත හැකිවෙතැයි සමහරු සැකපළ කරති.

විශේෂඥයින් පවසන්නේ ඒකාධිපති ආණ්ඩු තම රටවැසියන් ගැන ඔත්තු සෙවීමට එම නව මෙවලම භාවිත කිරීමට ඉඩ ඇති බවය.

මේ වසරේදී නිකුත් කිරීමට නියමිත “iOS and iPadOS” අයි ෆෝන් සහ අයිපෑඩ් සඳහා නව මෙවලම අන්තර්ගත වන බවද එම සමාගම පැවසීය.