බස්නාහිර පළාත තුල කොවිඩ් ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයක

0
Current Covid Situation in Westren Province - බස්නාහිර පළාත තුල කොවිඩ් ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයක
බස්නාහිර පළාත තුල පවතින කොවිඩ් ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයකට ලඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මේ බව දැනුම් දී තිබෙනවා.

මේ වන විට රෝහල්වල ඇති දැඩි සත්කාර ඒකක මෙන්ම සාමාන්‍ය වාට්ටු ද කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි පවතින පසුබිමක දැඩි ලෙස ගිලන්ව සිටින කොවිඩ් ආසාදිතයින්ට නිසි ප්‍රතිකාර ලබාදීමට සුදුසු වෛද්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර දැනට සිඝ්‍රයෙන් කොවිඩ් වෛරස ව්‍යාප්තියට හේතුව ලෙස ඩෙල්ටා ප්‍රභේදය හේතුව වී ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කර සිටි.

වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිමට යාමේදී ආසාදිතයින් බවට පත්වීමේ අවස්ථා වාර්තා වන බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය යාන්ත්‍රණය ද කඩා වැටීමේ අවදානමක් ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

දැනට පවතින තත්ත්වය පාලනය කිරීම මෙන්ම සෞඛ්‍ය අංශවල ක්‍රියාකාරිත්වය ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසි පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනාධිපතිතුමාගෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.