අද කොවිඩ් ආසාදිතයන් 2600 ඉක්මවයි

0
Coronavirus New Cases Today - අද කොවිඩ් ආසාදිතයන් 2600 ඉක්මවයි
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 784ක් වාර්තාවී තිබෙනවා.

අද දිනයේ මේ දක්වා හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2669ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 321,424ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,903 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ.

Today Recoveries

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 286,427ක් දක්වා ඉහළගොස් ඇති බවය.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ තවත් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…