තවත් කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday - තවත් කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ තවත් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4821ක් ලෙසටයි.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 49ක් සහ කාන්තාවන් 45ක් වනවා.

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තා මරණ දෙකක් ද මෙම පිරිසට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 12ක් සහ කාන්තාවන් 7 දෙනෙකු ද මෙම මරණ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 37ක් සහ කාන්තාවන් 36ක් ද මියගිය පිරිසට අයත්.