විශේෂ අවශ්‍යතා සහිත තරුණියට 14 හැවිරිදි පාසල් සිසුවා කළ අපරාධය

0
Sexual Abuse - විශේෂ අවශ්‍යතා සහිත තරුණියට 14 හැවිරිදි පාසල් සිසුවා කළ අපරාධය

දරුවන්ට සිදුවන විවිධාකාරයේ ලිංගික හිංසන, මේ දිනවල සමාජයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවක්.

එවන් තවත් එක් අවසනාවන්ත සිද්ධියක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ අතවරයට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 24ක විශේෂ අවශ්‍යතා සහිත තරුණියක් වන අතර ඊට චෝදනා එල්ල වන්නේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු වීම විශේෂත්වයක්.

ප්‍රබෝදා සෙව්වන්දි මෙළොව එළිය දකින්නේ විශේෂ අවශ්‍යතා සහිත දැරියක ලෙසයි.

ඇයට මේ වනවිට වයස අවුරුදු 24ක්.

ප්‍රබෝධාට වයස අවුරුදු 8ක් වෙද්දී ඇගේ මව ඇය හැරදා ගොස් තිබූ බැවින් එතැන් සිට වසර 18ක් පුරා ඇයට රැකවරණය දෙන්නේ ඇයගේ ආදරණීය පියාණන්.

වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙකු වන ප්‍රබෝදාගේ පියාට සිය රැකියාව සඳහා නිවසින් පිටවීමට සිදුව ඇත්තේ සිය දියණිය නිවසේ තනිකර දමමින්.

ඒ ඇය රැක බලා ගැනීමට කිසිවෙකුගේ හෝ හව්හරණක් නොමැතිවීම හේතුවෙන්.

පසුගිය දිනක එලෙස රැකියාවට ගොස් පැමිණෙන විට ඔහු මුහුණ දී ඇත්තේ අනපේක්ෂිත සිදුවීමකටයි.

රටේ හෙට දවස භාර ගැනීමට සිටින දරුවන් මෙවන් වූ තත්ත්වයකට පත්ව ඇත්තේ ඇයි?

ඒ පිළිබඳව කඩිනමින් අවදානය යොමු කිරීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතුයි.

දරුවන් වරඳට පොළඹවා ගැනීම වැළැක්වීම මෙන්ම ඔවුන් වරදට පෙළඹීම වැළැක්වීමත් මේ අර්බුදකාරී කාලවකවානුවේ මව්පියන්ට පැවරෙන වගකීමක් බවත් අප අවධාරණය කරනවා.