ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල වෛරස් ප්‍රභේදයන් ඇතිවීමේ අවදානමක්

0
Delta New Variant - ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල වෛරස් ප්‍රභේදයන් ඇතිවීමේ අවදානමක්

ඩෙල්ටා ප්‍රභේදය රට‌ පුරා වේගයෙන් පැතිර යාමත් සමග එම ප්‍රභේදයේ යම් යම් වෙනස් ප්‍රභේදයන් ඇතිවිය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.

මෙසේ ඇතිවන නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු විමට හැකියාවක් තිබේද ,නොතිබේද යන්න තීරණය කිරීමට තවමත් කාලය මදි බවයි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ නමුත් නව ප්‍රභේදයන් පිළිබඳව කොවිඩ් රෝගීන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණයන් අඛණ්ඩව සිදුකරමින් පවතින බවයි චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සාමාන්‍යයෙන් ඕනෑම වෛරසයක් වේගයෙන් පැතිර යාමේදී එම වෛරස් ප්‍රභේදයේ විවිධ වෙනස්කම් සිදුවී නව ප්‍රභේදයන් ඇතිවන බවද චන්දිම ජීවන්දර මහතා පවසනවා.