දරුවන්ට දින තුනකට වඩා උණ පවතී නම් නොපමාව ඔබ කළ යුතු දේ

0
Children Fever - දරුවන්ට දින තුනකට වඩා උණ පවතී නම් නොපමාව ඔබ කළ යුතු දේ
කොවිඩ් හා ඩෙංගු රෝගයේ ලක්ෂණ සමාන වීම නිසා දරුවන්ට දින තුනකට වඩා උණ පවතී නම් වහාම රජයේ රෝහලක් වෙත ගෙන යන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලිමක් කරනවා.

කොවිඩ් හා ඩෙංගු රෝගයේ ලක්ෂණ සමාන වීම නිසා දරුවන්ට ඩෙංගු රෝගය වැළඳී ඇත්නම් එය කොරෝනා තත්ත්වයට වඩා භයානක යැයිද ඒ මහතා සඳහන් කරනවා.

විශේෂයෙන් ඩෙංගු රෝගය වැළඳී දරුවන් රක්තපාත තත්ත්වයට පත් වුවහොත් ඔවුන්ගේ ජීවිතවලට පවා අනතුරක් ඇතිවිය හැකියි.

දරුවන්ට උණ ,හිසරදය ,ඇස් යට රිදීම ,ඇඟ පත වේදනාව ,වැනි රෝග ලක්ෂණ පවතීනම් නොපමාව රෝහල් ගත කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ.