දින දෙකකට වැඩිය උණ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න

0
Dengue Fever - දින දෙකකට වැඩිය උණ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න
දින දෙකකට වැඩි කාලයක් උණ රෝගයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු බව නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් මියයෑමේ වැඩි අවදානමක් මේ දිනවල මතුව ඇති බවය.

“මැයි සිට සැප්තැම්බර් දක්වා ඩෙංගු රෝගය ඉස්මතුවීම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වන දෙයක්. ඩෙංගු කොවිඩ් වගේ නෙමෙයි. මීටරේ දුර තියාගෙන බේරෙන්න බෑ. මේක ඊට වඩා වේගයෙන් පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඩෙංගු තත්ත්වය වළක්වාගන්න සියලු කටයුතු කරන්න. දින දෙකකට වඩා උණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත්. සනීප වෙයි කියලා බලාගෙන ඉන්න එපා.”