කොවිඩ් රෝගීන්ගෙන් පිරි ගිය රෝහල් වාට්ටු (වීඩියෝ)

0
Overcrowded Hospitals - කොවිඩ් රෝගීන්ගෙන් පිරි ගිය රෝහල් වාට්ටු (වීඩියෝ)
කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රාගම රෝහලේ 26 සහ 30 යන වාට්ටු දෙක වෙන්කර ඇති අතර මේ වනවිට එම වාට්ටු දෙකේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇඳන් පහසුකම් නොමැතිවීමෙන් බොහෝ දෙනෙකු බිම සහ ඉඩ තිබෙන සෑම තැනකම රැඳී සිටින අයුරු දැකගත හැකිය.

ඒ අතර ඔක්සිජන් අවශ්‍යතාව ඇති රෝගීන් ද සිටී.