අඹුසැමි යුවලක් කොවිඩ් ආසාදිතව නිවසේදීම මියයයි.. අවසන් කටයුතු අද…

0
Covid Deaths at Home - අඹුසැමි යුවලක් කොවිඩ් ආසාදිතව නිවසේදීම මියයයි.. අවසන් කටයුතු අද...

ගාල්ලේ නාගොඩ නිවසේදී මියගොස් සිටි එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොවිඩ් ආසාදිත බව තහවුරු වූයේ යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ කුරුපනාව පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු සහ 72 හැවිරිදි කාන්තාවකි.

නිවසේදී පෙරේදා (02) මියගිය සැමියාගේ සිරුර කරාපිටිය රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව ඊයේ (03) තහවුරු විය. මේ අතර ඊයේ (03) බිරිඳ ද නිවසේදී ම මියගියාය.

ඇගේ සිරුර ද කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (04) උදෑසන ලැබුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඇය ද කොරෝනා ආසාදිතව මියගොස් ඇති බවයි.

මොවුන් දෙදෙනාගේ මළ සිරුරු නිරෝධායන නීති අනුව අද (04) සවස දඩල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කිරීමට නියමිත බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

දේහයන් සම්බන්ධ මරණ පරීක්ෂණ කරාපිටිය රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා විසින් සිදුකරන ලදී.