වන සතුන්ගේ පහරදීම්වලින් සිදුවන ‘හානිවලට ගෙවන’ වන්දි මුදල් වැඩි කෙරේ

0
වන සතුන්ගේ පහරදීම්වලින් සිදුවන ‘හානිවලට ගෙවන’ වන්දි මුදල් වැඩි කෙරේ

වන අලි ඇතුළු ආරක්‍ෂිත වන සතුන්ගේ පහරදීම් හේතුවෙන් සිදුවන ජීවිත හානිවලදී සහ පූර්ණ ආබාධිතවීමක දී මෙතෙක් ගෙවූ රුපියල් ලක්‍ෂ 5ක වන්දි මුදල රුපියල් ලක්‍ෂ 10 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම අර්ධ බෙලහිනතාවයකට හෝ ශාරීරික තුවාල සඳහා මෙතෙක් ගෙවූ රුපියල් 75,000ක වන්දි මුදල රුපියල් 1,50,000 ක් දක්වා ඉහළ දැමීමට මෙන්ම වන අලි පහරදීම් හේතුවෙන් සිදුවන නිවාස හා දේපළ හානි වෙනුවෙන් මෙතෙක් ගෙවූ රුපියල් ලක්‍ෂක වන්දි මුලද රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ඉහළ නැංවීමට ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව වන අලි, දිවියන්, වලසුන්, කුළු හරකුන් සහ කිඹුලන්ගේ පහරදීමකින් මිය යන හා ආබාධිත තත්වයට පත්වන අයට ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් තොරව මෙම වන්දි මුදල් ලබාදීමට නියමිතයි.