තම නැගණියට ඉංග්‍රීසි නොහැකි බව ඉෂාලිනිගේ අයියා කියයි.. බිත්තියේ සටහනෙන් තවත් අවුලක්…

0
Ishalini Dead Incident - තම නැගණියට ඉංග්‍රීසි බැරි බව ඉෂාලිනිගේ අයියා කියයි.. බිත්තියේ සටහනෙන් තවත් අවුලක්…

සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රීසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.

අප කල විමසුමකට පිලිතුරු දෙමින් තිරුප්‍රසාද් කියා සිටියේ තම නැගණිය රැදි සිටි කාමරයේ ඉංග්‍රීසි භාෂාවෙන් තම මරණ යට හේතුව යනුවෙන් ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි.

තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග්‍රීසි අකුරු ගලපා යමක් ලිවිමට තම නැගණියට අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවද තිරුප්‍රසාද් පවසයි.