උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය උසාවිට

0
උද්ඝෝෂණයට එරෙහිව උසාවි ගිය පොලිසියට සිදුවූ දේ

උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇති බැවින් කොවිඩ් වසංගත තත්ත්වය උපයෝගි කරගනිමින් එම අයිතිය යටපත් කරන්නට යෑමෙන් රටත් රජයත් දැඩි අපහසුතාවකට පත්විය හැකි බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (02දා) කුරුඳුවත්ත පොලිසිය වෙත දන්වා ඇති බව සඳහන් කළා.

කොතලාවල විශ්වවිද්‍යාල කෙටුම්පතට එරෙහිව ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් විසින් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා..

මෙම පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය නිරෝධායන නීතියට පටහැනිව සිදු කිරීමට යන බැවින් ඒ සඳහා එම උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

යම් පුද්ගලයෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල නොවන අයුරින් කටයුතු කරයි ද එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලතල ඇති බව මහෙස්‌ත්‍රාත්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.