තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday - තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වෙයි
ඊයේ දිනයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අද දිනයේ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 4,571ක් දක්වා ඉහළ යනු ඇති.

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 1,958 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ වෛරසය ආසාදනය වී සිටි 280,868 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇති බවයි.