කොවිඩ් වාර්තාවත් අතැතිව මිය ගිය කොරෝනා රෝගියා

0
කොවිඩ් වාර්තාවත් අතැතිව මිය ගිය කොරෝනා රෝගියා

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු මහ මඟ ඇද වැටී මියගොස් ඇති පුවතක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස මිය ගොස් ඇති බවට හඳුනා ගෙන ඇත

කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති මරණකරු එම පරික්ෂණයේදි කොවිඩ් පොසිටිව් පුද්ගලයෙකු බව තහවුරු වී තිබේ.

ඔහු එම පරීක්ෂණ වාර්තාවත් අතැතිව රෝහලට මීටර් 20ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වී ඇති බව රාගම පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නියමිතව සිටි පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයාගේ දේහය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදී සිදු කරන ලද පි.සි.ආර් පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය පවසයි.