ඇමති බන්දුල නිල නිවස යළි බාර දෙයි

0
ඇමති බන්දුල නිල නිවස යළි බාර දෙයි

නිල නිවසේ දැරියන් අපහරණයට ලක් කළැයි සැකයක් හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් මහතා භාවිත කරන ලද කොළඹ 07 මැකැන්සි පාරේ පිහිටි වෙළඳ අමාත්‍ය නිල නිවස වත්මන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කර තිබේ.

රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම නිල නිවස භාවිත කරන සමයේ එතුළදී බාලවයස්කාර දැරියන් අපහරණයට ලක්වූ බවට සැක කෙරෙන අපරාධ හේතුවෙන් බන්දුල ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට බාලවයස්කාර දැරියන් කිහිපදෙනෙකු අපයෝජනයට ලක් කිරීම හේතු කොට ගෙන එම නිල නිවසේ කාමර දෙකක් මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.