පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිට කොවිඩ්

0
පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිට කොවිඩ්

පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

ස්ථානාධිපතිවරයාට සහ ලියුම් බෙදන්නෙකුට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ අනෙක් පිරිසකට අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කර තිබේ. ඒ අනුව අනෙක් අසාදිතයින් හඳුනා ගෙන තිබෙන බව වාර්තා වේ.

පිළියන්දල තැපැල් කාර්යාලයට අනුබද්ධ උප තැපැල් කාර්යාල කිහිපයක්ද කොවිඩ් හේතුවෙන් වසා දමා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.