ගුරු සහ විදුහල්පති සංගම්වලින් සේවයට වාර්තා නොකිරීමේ තීරණයක්

0
ගුරු සහ විදුහල්පති සංගම්වලින් සේවයට වාර්තා නොකිරීමේ තීරණයක්

දිවයින පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද අද (02) සිය රාජකාරී සඳහා වාර්තා කළ යුතුය.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව අද සිට දිවයින පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුම්දී තිබේ.

සියලු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් සහ කාර්යමණ්ඩල ද සියලුම පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය ද අද සේවයට වාර්තා කළ යුතු බවද අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී ඇත.

කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ සේවයට වාර්තා නොකිරිමට තීරණය කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ සිය වෘත්තිය සිමිති තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර ඇති බවය.

“දැනටමත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නේ. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව යන තත්ත්වයක තමයි මේ නිවේදනය දාලා තියෙන්නේ. අද දිනයේ පාසල්වලට සම්බන්ධ වෙන්න එපා කියලා අපි පැහැදිලිව කියලා තියෙන්නේ. හෙට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි කොළඹට රථ පෙළපාලියකින් ගමන් කරනවා.”