ශාන්තිකර්මයක් මුවාවෙන් ‘කාන්තාවන් දෙදෙනෙකුට අතවර කළ’ යකැදුරා අත්අඩංගුවට

0
ශාන්තිකර්මයක් මුවාවෙන් ‘කාන්තාවන් දෙදෙනෙකුට අතවර කළ’ යකැදුරා අත්අඩංගුවට

හාලිඇළ පොලිස් වසමේ බෝගොඩ ලන්දෙවල ප්‍රදේශයේ නිවෙසක ශාන්තිකර්මයක් පවත්වන මුවාවෙන් කාන්තාවන් දෙදෙනකුට අතවර කළ යකැදුරකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශාන්තිකර්ම පැවැත්වීමේ දක්ෂයකු යැයි කියාගන්නා මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ යකැදුරකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

යකැදුරා විසින් අලුයම් කාලයේදී ශාන්තිකර්මය සිදුකිරීම ආරම්භ කර ඇති අතර ඔහු ශාන්තිකර්මය අතරතුර නිවැසියන්ට පවසා ඇත්තේ  සියලු පිරිමි පුද්ගලයන් නිවෙසින් ඉවත්ව ආසන්නයේ ඇති මංසන්ධිවලට ගොස් රැඳී සිටිය යුතු බවයි.

එසේ දැන්වීමෙන් පසු නිවෙසේ සිටි පිරිමි නිවෙසින් ඉවත් කළ යකැදුරා නිවෙසේ සිටි හතළිස් පස් හැවිරිදි කාන්තාව දූෂණය කර ඇති බවටත් 19 හැවිරිදි තරුණියකට අතවර සිදුකර ඇති බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.