තවත් කොවිඩ් ආසාදිතයෙක් මහ මග වැටී මියයයි

0
Covid Death in the Road - තවත් කොවිඩ් ආසාදිතයෙක් මහ මග වැටී මියයයි

රාගම ප්‍රදේශයේ නගර මධ්‍යයේ මහ මග මැරි වැටි සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 දින සොයා ගැනිමට හැකිවු බව රාගම පොලිසිය පවසයි.

මෙසේමිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදිදෙදරු පියෙකු බවට හදුනා ගෙන ඇති බව රාගම පොලිසිය පවසයි.

කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති මරණකරු එම පරික්ෂණයේදි කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වි ඇති බවත් ඒ පිළිබදව ලැබි ඇතිවෛද්‍ය වාර්තාවත් අතතිව ඔහු එම රෝහලට මිටර් 20ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

මිය ගොස් ඇති අය කොරෝනා මර්දන පළමු එන්නත ලබා ගෙන දෙවනි මාත්‍රාව ලබා ගැනිමට
බලාපොරොත්තුවෙන් සිටි අයෙකු බවද මෙහිදි අනාවරණය වි ඇත.

අදාල මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදි සිදුකරණ ලද පී.සී.ආර් පරීක්ෂණයේදී මිය ගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වුන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදුකළ රාගම පොලීසිය පවසයි.

මිය ගොස් ඇතිපුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ආදාහන කටයුතු සිදු කිරිමට නියමිතය