හිටපු ඇමති රිෂාඩ්ගේ නිවසේ සිටි තවත් දැරියකට අත්වූ ඉරණම

0
Sexual Abuse - හිටපු ඇමති රිෂාඩ්ගේ නිවසේ සිටි තවත් දැරියකට අත්වූ ඉරණම

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ 2010 වසරේ සිට සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනකුම මේ වන විට ජීවිතක්ෂයට පත් ව ඇතැයි පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

මන්ත්‍රීවරයාගේ නිවෙසේ සේවය කළ කාන්තාවන් දහ දෙනකු සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ප්‍රධාන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගිය දා ආරම්භ කළ පරීක්ෂණයේදී මේ බව හෙළි වී තිබේ.

ඒ අනුව මේ මිය ගිය දැරියට අමතරව, තවත් කාන්තාවක් රෝගයකින් මිය ගොස් ඇත. තවත් කාන්තාවක් ගෘහසේවය අවසන් කර පිටව යාමෙන් පසුව සියදිවි හානි කර ගෙන ඇති බව අනාවරණය කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

මේ අතර එම නිවෙසේ සේවය කළ තවත් කාන්තාවක් බදියුදීන්ගේ බිරියගේ සහෝදරයා විසින් තමන්ට ලිංගික අතවර සිදු කළ බවට පොලීසියට ඊයේ (01) ප්‍රකාශයක් ලබා දී ඇත. දැනට ඇය විසි දෙහැවිරිදි වියේ පසුවන එම කාන්තාවකි.

මැය ඩයගම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක වන අතර කැලණිය ප්‍රදේශයේ සිටියදී ඇය සොයා ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීමේ දී ඇය මේ බව පවසා ඇත. ඒ අනුව පරීක්ෂණ කටයුතු සඳහා අදාළ කාන්තාවද රැගෙන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය රිෂාඩ් බදියුදීන් මහතාගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට ඊයේ (1) දහවල් පැමිණියාය. එහිද ඇය පෙන්වන ලද නිවෙසේ යම් යම් ස්ථාන පරීක්ෂාවට පොලිස් කණ්ඩායමේ විමර්ශනයට ලක් විය.

(dinamina.lk වෙබ් අඩවිය ඇසුරිනි)