තවත් දැරියක් විනාශ කළ දේවාල කපුවෙක් පළායයි

0
Child Sexual Abuse - තවත් දැරියක් විනාශ කළ දේවාල කපුවෙක් පළායයි

කුලියාපිටිය බෝහිංගමුවේ ප්‍රසිද්ධ දේවාලයකට ප්‍රධාන කපුවකු එම කෝවිලට ආ දැරියක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි කුලියාපිටිය පොලීසිය කියයි.

පූජකවරයා අවස්ථා දෙකකදී දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම දැරිය ප්‍රේම සබඳතාවකින් බේරාගැනීමට ඇගේ මව දැරිය සමග කෝවිලට ගොස් ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.

සැකකාර කපුවා ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇතැයි ද ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය කියයි.