ගර්භනී කාන්තාවන් සේවයට කැඳවීම නවත්වයි

0
ගර්භනී කාන්තාවන්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ,රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.

අද (09) පැවති සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීරණය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

ඒ අනුව අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු නව චක්‍රලේඛය හෙට (10) දිනයේ දී නිකුත් කිරීමට නියමිතය.

එම තීරණය අනුව ගර්භනී කාන්තාවන් සේවයට කැඳවීම සම්පූර්ණයෙන් නවත්වා තිබේ.